ලෝක බාලදක්ෂ ජම්බෝරියට යන බාලදක්ෂයන්ට ජනපතිතුමගෙන් සුභ පැතුම්!

ඇමෙරිකාවේ පැවැත්වෙන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්විම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් 2019.07.16 පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

මෙහි දී බාලදක්ෂයන් ඇමතූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකික අනන්‍යතාව ලෝකයට ගෙන යෑමට මෙය ඉතා වැදගත් අවස්ථාවක් බවයි. අනතුරුව බාලදක්ෂයන් සමඟ සුහද කථා බහකට ද එක් වූ ජනාධිපතිතුමා තමා පාසල් වියේ දී බාලදක්ෂයකු ලෙස කටයුතු කිරීමේ දී ලත් අත්දැකීම් ද සිහිපත් කළ අතර එහිදී ලද හික්මීම ජනාධිපති ධූරය වන් භාරධූර වගකීමක් දැරීමට තමාට මහඟු පිටිවහලක් වූ බව ද සඳහන් කළේ ය.

විශේෂයෙන් මෙම ජම්බෝරිය සඳහා ඇමෙරිකානු තානාපති කාර්යාලය හරහා වීසා නොලැබුණු දරු දැරියන් වෙත වීසා ලබාදෙන ලෙස දන්වමින් තානාපතිවරිය දැනුවත් කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කරන ලදී. සියලුම බාලදක්ෂයන් සහ ආචාර්යවරුන් වෙත ජනාධිපතිතුමා මෙහිදී සිය සුබපැතුම් පිරිනැමූ අතර අනතුරුව පිරිස සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේ ය. 24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය ජූලි 21 වන දින සිට පුරා සති දෙකක් ඇමෙරිකාවේ බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් 100 කට අධික කණ්ඩායමක් සහභාගි වෙයි.

ජනාධිපතිතුමා අතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ජාත්‍යන්තර කොමසාරිස් නීතිඥ කපිල කල්‍යාන පෙරේරා මහතා වෙත ජාතික ධජය පිරිනැමු අතර ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ඉංජිනේරු මෙරිල් ගුණතිලක, නියෝජ්‍ය කණ්ඩායම් නායක වත්සලා විජේවික්‍රම යන මහත්ම මහත්මීන් සහ බාලදක්ෂ කොමසාරිස්වරුන් හා බාලදක්ෂයින් හා බාලදක්ෂ බාලිකාවන් මෙම අවස්ථාවට එක් වූහ. ජම්බෝරි කාලය තුළ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරමින් විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා විසින් මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කරන ලදී.

National flag officially handed over to World Scout Jamboree delegation

The official ceremony of handing over the National Flag to the Sri Lankan Scout Contingent participating in the 24th World Scout Jamboree in the United States 🇺🇸 was held today (16) at the President’s House residence under the patronage of Chief Scout & President Sri Lanka His Excellence Maithripala Sirisena.

Addressing the Contingent , the President said for our Scouts it is a great opportunity to carry the uniqueness of Sri Lanka to the world and recalled his experiences as a scout during his school days and mentioned that those experiences helped him to become the president.

After addressing the Scouts President handed over the National Flag to the Sri Lanka Scout Contingent and congratulated all the Members.

The 24th World Jamboree is taking place at the Virginia state in the United States of America. The President, while congratulating the Sri Lankan delegation pointed out the importance of taking the identity of Sri Lanka to the world. The President’s media division stated that President Maithripala Sirisena will inform the US Ambassador to approve the visa for the scouts who have not received the approval.

The President was informed by the Chief Commissioner Eng. Merrile Goonetilleke that there is a special tourism promotion program of Sri Lanka is scheduled to be implemented during the Jamboree period

International Commissioner & Contingent Head Attorney-at-Law Kapila Kalyana Perera , Hony. Treasure of the SLSA Mr. Udaya Iddawela , ACC Management Dr. Manjula Sahabandu, ACC Cubs & Deputy Contingent Head Ms. Watsala Wijeywicrama and HQ Commissioners were also present at this moment.

The 24th World Scout Jamboree will be held in West Virginia, USA for a week and a half from July 21, with the participation of over 40000 Scouts and Sri Lanka Scouts will represent the country with more than 100 Scouts and Scouters.

More information about the 2019 World Scout Jamboree could be found at Scouting.lk
Other Video URL
24th WSJ Official Song – https://youtu.be/IfSQ5LJSyQk
24th World Scout Jamboree – 2019 – https://youtu.be/6tKByIsq1R8
Closing Ceremony of 24th World Scout Jamboree  – https://youtu.be/0RsMnoEIOPk
24th World Scout Jamboree Official Song – Highlights – https://youtu.be/D_VE-CULo8I
Next Video soon – Our Scouts are meeting with Scouts from around World taking part in activities together. – https://youtu.be/DghGRu2KIuw

#ScoutJamboree Cultural Day Celebration where #Scouts showed their force behind international unity and understanding.