ජාල අවකාශයේ බාලදක්ෂයෝ – බාලදක්ෂ යූ-ටියුබ් නාලිකා 10ක්

———————————–

ON-AIR 🔴 SCOUTING 📻

වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර හා අන්තර්ජාල ජම්බෝරිය මෙවර ද ලෝක බාලදක්‍ෂ සංගමය විසින් ගුවන් හා අන්තර්ජාල ජම්බෝරිය වශයෙන් ලොව පුරා පවත්වනු ලැබේ. මෙවර 2019 ජොටා ජොටී ජම්බෝරිය වෙනුවෙන් තවත් පියවර කීපයක් ඉදිරියට පිය නැගීමට අප මෙවර අදිටන් කර ගත්තෙමු.

scouting Radio

Sound of Scouting ‘බාලදක්ෂ හඬ’  බාලදක්ෂ ගීත, විරිඳු, සී පද, යාන්හෑලි, රස කතා, බාලදක්ෂ පුවත්, කඳවුරු කතාන්දර සදහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙන්ව තිබුණු ඉඩකඩ ගිලිහීයාමෙන් වසර ගණනාවකට පසු දීර්ඝ නිහැඬියාව බිඳිමින් අවදිවන අන්තර්ජාලයේ ‘බාලදක්ෂ හඬ’ රේඩියෝ විකාශය මෙතැන් සිට සෑම වර්ෂයකදීම JOTA JOTI ජම්බෝරිය සමග ක්‍රියාත්මක වීම සිදු කෙරේ.

 
බාලදක්ෂ රේඩියෝව! අන්තර්ජාලයේ මෙතෙක් දේශීය බාලදක්ෂයන් අත නොගැසූ නවමු මානයන් කරා SCOUTING සඟරාවේ අපි, නිඹඳව ඔබ රැගෙන ගිය බවට අපත් සමඟ එක්ව යන බාලදක්ෂ සහෘදයන් හොඳින් දන්නා කරුණකි.
 

ඔබේ අදහස් අප හා බෙදා ගනු ඇතැයි බලා පෙරොත්තු වෙමු.ඔබේ විවේක කාලය අපේ බාලදක්ෂ වෙබ් අඩවියට බ්ලොග් අඩවිය කරා පැමිණ දිරි ගැන්වීමට කැමති නම්… එක්වන්න… මේ ඊට සුදුසුම හෝරාවයි…

———————————–

බාලදක්ෂ මාධය සහකරු වශයෙන් SCOUTING MAGAZINE සහ විජය බාලදක්ෂ කදවුර, විජායි දමිල මාධ්‍ය බාලදක්ෂ කදවුර හා එක් ව මෙවර කටයුතු කරනු ලැබේ. මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සදහා ඔබ සැමට ආරාධනා කරමු.

ශී‍්‍ර ලංකා ආධුනික ගුවන් විදුලි සංගමයේ පූර්ණ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප‍්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ඇතුලූ ව රට පුරා ගුවන් විදුලි උප සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන හා අන්තර්ජාල මෙහෙයුම් මධ්‍යස්ථානක් පවත්වා ගැනීමට කැමති ඕනෑ ම බාලදක්ෂ කණ්ඩායමකට අවස්ථාවක් ලබා දීමට ජාතික බාලදක්ෂ මූලස්ථානයේ අවධානය යොමු වී ඇත.  අවට සිටින සෙසු බාලදක්ෂ, බාලදක්ෂිකා කණ්ඩායම් සමග වඩාත් හොද සම්බන්ධතාවයක් සහිත සහයෝගයෙන් යුක්ත ව කටයුතු කළ හැකි ශක්තිමත් කණ්ඩායම් වශයෙන් හෝ දිසා මට්ටමින් කි‍්‍රයාත්මක විය හැකි උප සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයෙහි, ගිනිමැල, සංගීත කණ්ඩායම්, ආදි විවධාකාරයේ කි‍්‍රයාකාරකම් සහිත ව ඔක්තෝම්බර් මසතෙවන සතියේ සති අන්තයේ යෙදන දිනයේ දවස පුරා සජීවී ලෙස පවත්වා ගෙනයෑමට හැකියාවක් ඇති සම්පත්දායකයින් හා සමූහයන් හැකි ඉක්මනින් මෙම මහගු අවස්තාවෙන් ප‍්‍රයෝජන ගනු ඇතැයි බලා පොරොත්තු වෙමු.