රත්නපුරයේ බාලදක්ෂයායෙක් හෙලිකොප්ටරයක් හදලා!

තරුෂ දිලංක අධ්‍යා­ප­නය ලබන්නේ රත්න­පුර කුරු­විට මධ්‍ය මහා විද්‍යා­ලයේ දහ­තුන් වැනි වස­රේය. ඒ තාක්ෂණ අංශ­යෙනි. තරුෂ මේ හෙලි­කො­ප්ට­රය නිර්මා­ණය කරන්නේ පාසලේ පැවති තාක්ෂණ ප්‍රද­ර්ශ­න­යක් සඳ­හාය. බයි­සි­කල් එන්ජි­ම­කින් තැනූ හෙලි­කො­ප්ට­රයේ පෙනුම නිය­මය. ඒත් යාළු­වන් කීවේ එය තැනුවේ පාරේ යන්න කියාය. සිනා වෙවී සිටි තරුෂ ප්‍රද­ර්ශ­නය අත­ර­මැද හෙලි­කො­ප්ට­රය ක්‍රියා­ත්මක කර අවශ්‍ය නම් එයට ගුව­න්ගත විය හැකි බව පෙන්නු­වේය.

දව­සක් කුරු­විට ප්‍රාදේ­ශීය සභා ක්‍රීඩාං­ග­ණ­යට හෙලි­කො­ප්ටර් යාන­යක් ආවා. ඒක දැකලා මගේ ආශාව ගොඩාක් වැඩි වුණා. මම ළඟ­ටම ගිහින් හෙලි­කො­ප්ට­රය බැලුවා. එදා තමයි මට මුල්ම වතා­වට හෙලි­කො­ප්ට­ර­යක් ළඟට ගිහින් නිරී­ක්ෂ­ණය කරන්න ලැබුණේ. ඒ වේලාවෙ මම හිතුවා කොහොම හරි හෙලි­කො­ප්ට­ර­යක් හද­නවා කියලා. මෝටර් රථය හදන එක පැත්ත­කින් තියලා ඒ ගැන මම අම්මට කිව්වා. අම්මා කිව්වා ” අනේ හෙලි­කො­ප්ට­ර­යක් දැක­ලත් නැති අපි කොහො­මද ඕක හදන්නේ” කියලා. මම කිව්වා ” නෑ මට පුළු­වන්… මම හෙලි­කො­ප්ට­ර­යක් දැක්කා ”කියලා.

විදු­හ­ල්පති එස්. අතුල සිරි­මෙ­වන් මහ­ත්මයා තාත්තා කෙනෙක් වගේ කෙනෙක්. එතුමා ඉස්කෝලෙ ළම­යින්ට හොඳ අව­ස්ථා­වක් ලබා දුන්නා නව නිර්මාණ ඉදි­රි­පත් කරන්න. ඒ තමයි විද්‍යා­ල­යීය වාර්ෂික තාක්ෂ­ණික ප්‍රද­ර්ශ­නය. වර්ෂ 2018 දී මේ ප්‍රද­ර්ශ­නය පැවැ­ත්වුණේ නෑ. ඒත් කවදා හරි ප්‍රද­ර්ශ­න­යට තියන්න හිතා­ගෙන මම මෝටර් රථ­යක් හදන්න පටන් ගත්තා.

“මේ සඳහා මම භාවිතා කළේ යතු­රු­පැ­දි­යක ඇන්ජි­මක්. ඉතිරි උපාංග සඳහා ඉව­ත­ලන යකඩ කෑලි ආදිය යොදා ගත්තා. පෙති වල ප්‍රමා­ණ­යන් අවස්ථා කිහි­ප­යක දීම වෙනස් කළා. අන්ත­ර්ජා­ලය පාවිච්චි කරලා නොදත් දේවල් ගොඩක් දැන ගත්තා. අන්ති­මට මම මගේ ඉල­ක්කය ජය ගත්තා. දැන් තියෙන්න මම හදාපු හෙලි­කො­ප්ට­රය ඉහ­ළට ඔස­ව­න්නයි. ඒ අව­ස්ථාව නෛති­කව ලැබෙ­න­තුරු මම ඇඟිලි ගනි­නවා. ඊට අවශ්‍ය ලේඛණ මේ වන­විට මා මගේ වැඩි­හි­ටි­යන් මාර්ග­යෙන් සම්පූර්ණ කර­මින් ඉන්නවා. මොකද හෙලි­කො­ප්ට­ර­යක් වගේ මෙව­ල­මක් ලංකාවේ නිෂ්පා­ද­නය කළාම රටේ නීති­යට අනුව වැඩ කරන්න ඕන. ඒ නිසා විදු­හ­ල්ප­ති­තුමා මගින් කුරු­විට පොලිස් ස්ථානා­ධි­ප­ති­තු­මාට මේ බව දැනුම් දුන්නා. ඔහු කීවේ ගුවන් යාන­යක් හදන්න පුලු­වන් වුණාට එය ගුව­න්ගත කරන්න නම් ගුවන් හමු­දා­වෙන් අව­සර ගන්න වෙනවා කියලා. පොලි­සි­යෙන් කරන්න තියෙන දේවල් මම කරලා දෙන්නම් කිව්වා. තව දුර­ටත් කිව්වෙ කිසිම හේතු­වක් නිසා අන­ව­ස­ර­යෙන් ගුව­න්ගත කරන්න එපා කියලා.”

ඉතින් තරු­ෂගේ හෙලි­කො­ප්ට­රය තවම ගුව­න්ගත වුනේ නැත. එය අඩි­යක් දෙකක් හෝ උඩ යන්නට බලා­ගෙන බිමට වී හිඳී. එය අති­ශ­යින් ප්‍රවේ­ශ­ය­මෙන් දියත් කළ යුතු බැරෑ­රුම් කට­යු­ත්තක් බව සැබෑය. නමුත් තරුෂ මේ නිර්මා­ණය හරහා කියන්නේ අපේ රටේ අනා­ගත මානව සම්පතේ ප්‍රභා­මත් බවය. අවශ්‍ය මග­පෙ­න්වීම හා පහ­සු­කම් ඇත්නම් මේ රටේ අනා­ග­තය මේ තරු­ණ­යන් විසින් සමෘ­ද්ධි­මත් කරනු ඇති බවය.