President’s Scout Awards Ceremony (2014–2018)

1195 Scouts Receive the President’s Scout Award

The ceremony was organized by the Sri Lanka Scout Association. Scouts and Girl guides representing all provinces of the country were present at the event. 1195 Scouts representing 37 districts received President’s Scout awards at this ceremony organised by the Sri Lanka Scout Association. The President’s Scout Awards Ceremony was held in Polgolla, Kandy today (October 20) under the auspices of President Maithripala Sirisena.

” The policies and objectives of the Scout movement founded by Lord Baden-Powell were made according to the economic, social and cultural features of society at that time and amendments should be made on par with the modern world based on knowledge and technology while protecting the original values of the movement”

– President Maithripala Sirisena

Speaking at the event president stated that back in the day when he was a scout they had to face different social issues than what the children today face. He added that children in this generation live in a competitive world and they have to face bad and indecent things. President Sirisena said the success of children’s future could not be decided only by examination results and the Scout movement will provide a great opportunity to overcome the practical challenges we face in our lifetime.

The http://www.scout.lk website for the Scout’s Movement was also launched by the Head of State. The Sri Lanka Scout Association presented a special award to the President in recognition of his great contribution towards the Sri Lanka Scout movement. President Sirisena was also honoured by the Principal of Dharmaraja College Kandy for the support rendered to Dharmaraja College in hiking the K2 mountain in Nepal, a special honorary award was presented to the President. Central Province Governor P.B. Dissanayake, Chief Minister Sarath Ekanayake, Sri Lanka Scout Association Chief Commissioner Merrill Gunathilake and others participated in this event.

Picture credits to President’s Media Unit


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


උසස් ලෙස විභාග සමත්වන දරුවන්ට බාලදක්ෂ ව්‍යාපාරයෙන් සිදුවන මෙහෙය විශිෂ්ටයි. බේඩින් පවෙල් සාමිවරයා විසින් ඇරඹූ බාලදක්ෂ ව්‍යාපාරයේ සිද්ධාන්තයන් හා අරමුණු එකල ආර්ථීක, සමාජීය හා සංස්කෘතික ගති ලක්ෂණයන් අනුව සැකසී ඇති බැවින් එම අරමුණු ද ආරක්ෂා කරමින් දැනුම සහ තාක්ෂණය මුල්කරගත් නව ලෝකයට ගැළපෙන පරිදි ඒවායේ වෙනස්කම් සිදුවිය යුතු බවත් බාලදක්ෂ ව්‍යාපාරය තුළ තිබිය යුතු හා  තිබෙන මූලික සිද්ධාන්ත මූලික ප්‍රතිපත්ති මූලික දර්ශනය මුල් කර ගත් තේමාව තුල කටයුතු කරමින් කාලානුරූපය යුගයට අවශ්‍ය පරිදි තාක්ෂණ  ලෝකය තුල බාලදක්ෂ ව්‍යාපාරය තුලත් අවශ්‍ය වෙනස්කම් සිදු විය යුතුය.

– ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 

විභාගය සමත් වූ පමණින් දරුවන්ගේ ජීවිතය සමත්වීම තීරණය කළ නොහැකි බැවින් බාලදක්ෂ ව්‍යාපාරය ජීවිතය සමත්කර ගැනීමේ ප්‍රායෝගික අභියෝගය ජය ගැනීමට මනා පිටිවහලක් සපයන බවත් මුදල් මත පදනම් වී ඇති තරගකාරී ලෝකයේ අවිනීත, අයහපත් දේ සමාජයට ගලායාමට ඇති විශාල ඉඩ ප්‍රස්ථාව තුළ අයහපත ඉවත දමා යහපත් පුරවැසියෙකු සේ හැසිරිය යුතු බවත් ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළේය. මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමන් මෙසේද කීය.

‘‘මා බාල දක්ෂයෙකු වශයෙන් සිටි කාලයේ තිබූ සමාජ ප්‍රශ්න නෙවෙයි අද තියෙන්නේ. එදා තිබුණ ලෝකය නෙවෙයි අද තියෙන්නේ. එදා තිබුණ සමාජ වටපිටාව නෙවෙයි අද තියෙන්නේ. එදා පාසැල් ශිෂ්‍යයෙකුට මුහුණ දෙන්න තිබූ අභියෝග නෙවෙයි අද තියෙන්නේ. අද එයට වඩා සියල්ලම වෙනස් වෙලා තියෙනවා. එ් නිසා  වාණිජ සමාජයක තරඟකාරී  සමාජයක යහපත් දේට වඩා අයහපත් දේ නරක දේ අවිනීත දේ විශාල වශයෙන් ගලා යන ලෝකයක අපි ඒවාට මුහුණ දිය යුතු  වෙනවා. ඒ තුළ අපේ ජීවිතය වඩාත් යහපත් ලෙස සකස් කර ගත යුතු වෙනවා. විභාග ඉහළින් සමත්වන දරුවන් ඒ විභාග සමත් වීමට සැම විටම ලබා දිය යුතු ප්‍රමුඛත්වය මෙන්ම ජීවිතය සමත්වීමට සැමවිටම අවශ්‍ය ප්‍රායෝගික සමාජයේ අභියෝගවලට අප මුහුණ දිය යුතු වෙනවා. ඒ නිසා විභාග සමත් වන ඔබට ජීවිතය සමත් වන්න බාල දක්ෂ ව්‍යාපාරය ඉතා විශිෂ්ට වූ කාර්යයක නියැලී සිටිනවා කියලයි මම විශ්වාස කරන්නේ…., යැයිද ජනාධිපතුමා මෙහිදී කිය.

2018.10.20 පෙරවරුවේදී මහනුවර පොල්ගොල්ල සමුපකාර ආයතනයේ පැවති 2014-2018 ජනාධිපති බාලදක්ෂ සම්මාන උලෙළ පැවැත්විය. වයස අවුරුදු 18 වන විට බාලදක්ෂයකු ජනාධිපති පදක්කම් ලබා ගැනීමට, ඉතාමත් භාරදුර කාර්යයන් රැසක් ප්‍රගුණ කළයුතු අතර ජනාධිපති බාලදක්ෂ සම්මාන උලෙළක් පැවැත්වෙන්නේ වසර 04 කට පසුවය.

කෙසේ වෙතත් තමා වයස අවුරුදු 16 ක කාලයේ දී තමා බාල දක්ෂයෙක් ලෙස ගෙයින් ගෙට ගොස් වැඩ කළ බවත්, එක් දිනක දී පුද්ගලයෙකුගෙන් වැඩක් ඉල්ලූ විට වසර ගණනක් සුද්ද නොකර තිබූ කුකුල් කොටුවක් සුද්ද කිරීමට දුන් බව ද පවසා සිටි ජනාධිපතිවරයා, තමා එම රාජකාරිය පැය 4 කටත් වඩා කාලයක් සිදු කළ පසු රුපියල් 2ක් තමාට එම පුද්ගලයා ලබා දුන් බව ද මෙහිදී කියා සිටියේය. එදා පාසල් සිසුන්ට මුහුණ දීමට තිබු අභියෝගයන්ට වඩා අද ළමුන්ට මුහුණ දීමට ඇති අභියෝග වෙනස් වී ඇති බව ද ‍ජනාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකාවේ බාලදක්ෂ දිස්ත්‍රික්ක 37 කින් ජනාධිපති පදක්කම් ලැබීමට සුදුසුකම් ලැබූවන් 1195 දෙනෙකු සම්මාන ලබා ගත්හ.

බාලදක්ෂ ව්‍යාපාරයේ නව වෙබි අඩවිය http://www.scout.lk විවෘත කිරීම ද මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. ගුවන් බාලදක්ෂ ජම්බෝරියට සහභාගි වී සිටින ශිෂ්‍යයින්ට සිය සුබපැතුම් එක් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේ ය. ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය සඳහා දක්වන දායකත්වය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත ද ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් විශේෂ සම්මාන තිළිණයක් පිළිගැන්වී ය. නේපාලයේ කඳුවැටිය තරණය කිරීමට පසුගියදා එක් වූ මහනුවර ධර්මරාජ විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම වෙනුවෙන් ජනාධිපතිවරයා දැක්වූ අනුග්‍රහය සිහිපත් කරමින් ජනාධිපතිවරයා වෙත ගෞරව සම්මානයක් පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, මධ්‍යම හිටපු මහ අමාත්‍ය සරත් ඒකනායක, මහනුවර නගරාධිපති කේරස සේනානායක, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මෙරිල් ගුණතිලක යන මහත්ම මහත්මීන් සහ දිවයිනේ සියලූම පළාත් නියෝජනය කරන බාලදක්ෂයන් හා බාලදක්ෂ බාලිකාවන් ඇතුළු  විශාල පිරිසක්ද  එක්ව සිටිහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *