හෝමාගම බාලදක්ෂ දිසාවට අයත් මාළබේ ආදර්ශ පිරිමි විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමේ වාර්ෂික බාලදක්ෂ පුහුණු කඳවුරක් පසුගිය දා කලුතර වෙහෙරගල කන්ද පුුරාණ විහාරස්ථාන භූමියේ දී පවත්වනු ලැබිණ. කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල මැතිවරණ කොට්ඨාසයට අයත් වෙහෙරගල කන්ද පුරාණ විහාරය, කළුතර – යටදොළ ප්‍රධාන මාර්ගයේ පොතුවිල හන්දියෙන් හැරී ටික දුරක් ගමන් කළ පසු රමණීය ගල් තලාවක් මත පිහිටා තිබේ. මෙම පුරාණ විහාරය ඓතිහාසික වැදගත්කම් රැසක් සහිත ස්ථානයකි. සද්ධාතිස්ස රජු හා නිශ්ශංක මල්ල රජු යුද්ධයෙන් පැරදී මෙම විහාර භූමියේ සැඟවී සිටි බවත් එකල්හි රජවරුන්ගේ වන්දනාමාන කටයුතු සඳහා මෙම විහාරය ඉදිවූ බවත් වංශකතාවල සඳහන් ය. යෝධයකු විසින් ගල් තලාවක් මත මෙම විහාරය ඉදි කළ බැවින් මෙම ප්‍රදේශය වෙහෙරගල නම් වූ බව පැවසෙන මෙම නඳවුරු භූමිය මනරම් ස්ථානයක පිහිටා ඇත.

කඳවුරෙහි ක්‍රියාකාරකමි සංවිධානය කර තිබූ අතර කඳවුරු ගිනිමැලය හා පුහුණු කි්‍රයාකාරකම් මහරගම ජනාධිපති විද්‍යාලයීය බාලදක්ෂ කන්ඩායමේ බාලදක්ෂ නායකයින්ගේ සහයෝගයෙන් සංවිධානය කරනු ලැබූ මෙම පුහුණු කඳවුර සඳහා විදයාලයීය බාලදක්ෂ කණ්ඩායම් භාර ආචාර්යවරිය හා බාලකක්ෂ නායකයින් සහභාගී වූ අතර විහාරධිපති හිමියන් ඇතුලු සුභපතන්නන් රැසකගේ සහයෝගයෙන් කඳවුර අති සාර්ථක ලෙස පවත්වන ලද්දේය

          

 

pix: Maharagama President’s College Scouts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *