පානදුර හොරණ දිසාවේ බාලදක්ෂයන් 71 වන ජාතික දිනය අභිමානයෙන් සමරයි

71 වැනි ජාතික දින සැමරුම් මහෝත්සවය අභිමානවත් ලෙස මෙවරත් ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී  සමරනු ලැබීය. මෙවර ජාතික දින සැමරුම වෙනුවෙන් 2019 පෙබරවාරි 01 වැනි දා සිට 07 වැනිදා දක්වා පුරා සතියක කාලයක් සෑම රජයේ ආයතන පවත්වාගෙන යන සියලුම ගොඩනැගිලිවල ජාතික කොඩිය එසවීමට සහ පෙබරවාරි 03 සහ 04 දිනවල දී එම ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකාර කිරීමට කටයුතු කරන්න යැයි රජය දැනුම් දී තිබේ.
මෙදින විශේෂ ආරාධිත අමුත්තන් ලෙස මාලදිවයින ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලික් මැතිතුමා සහ ෆස්නා  අහමඩ් මැතිණිය සහභාගීවීම සුවිශේෂී සිදු වීය.

පානදුර රාජකීය බාලදක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කෙරුණු ජාතික දින වැඩසටහන පානදුර හොරණ දිසාවේ බාලදක්ෂයන්, පෝතකයන්, බාලදක්ෂ බාලිකාවන් ඇතුලු නායක නායිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදු විය. 2019 පෙබරවාරි 4 දින 71 වන ජාතික දිනය සැමරීම සඳහා පානදුර රාජකීය විද්‍යාලයේ බාලදක්ෂයන් විසින්, පානදුර ගුණානන්ද පිළරුව අභියස සහ පානදුරා වාදය පිහිටි භූමියේදී ජාතික දිනය සැමරීමේ උළෙලක් සංවිධාන කරන ලදී. 19 වැනි සියවසේ අවසානය වන විට මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමියන් ප්‍රමුඛ බෞද්ධ පාර්ශ්වය විසින් රෙපරමාදු ක්‍රිස්‌තියානි තර්කවල පවුරු පදනම් විනාශකර දමමින් 1873.08.26 සහ 28 දෙදින බැප්ටිස්‌ට්‌ වැස්‌ලියන් මිෂනාරී පාදිලිවරුන් සමග පංච මහා වාද අතරින් උච්චතම අවස්‌ථාව නැතිනම් තීරණාත්මක වාදය වූ පානදුරාවාදය සිදු වූ භූමියෙහි මෙම නිදහස් දින වැඩ සටහන දවස පුරා ක්‍රියාත්මක කෙරිණ. මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයන් ලෙස පානදුර මුලස්ථාන පොලිස් පරීකෂක ඉන්දික තුෂාර ද සිල්වා මහතා සහ 1946 වර්ෂයේ රජුගේ බාලදක්ෂ පදක්කම්ලාභී එම්.එම්.පී සෙනාරත්න මහතා සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා පානදුර හොරණ දිසාවේ දිසා කොමසාරිස් ටෙරන්ස් පෙරේරා මහතා ගරු දිසා කොමසාරිස් ආනන්ද කුලසිරි ද සිල්වා මහතා (LT) දිසා කොමසාරිස් ඒ.විල්මට් පෙරේරා මහතා (CLT) සුරත් විමුක්ති මහතා (CLT) ගයාන් රංජුල ලාල් මහතා (ALT), සහකාර දිසා කොමසාරිස් තුෂාර ජයනෙත්ති මහතා, සනත් රෝහන (LT) මහත්වරුන් මෙන්ම පානදුර හොරණ දිසාවේ විධායක සභාවේ සභාපති කැළුම් පෙරේරා මහතා සහ හිටපු දුම්රිය සාමාන්‍ය අධිකාරි කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ද බෞද්ධ සංගමයේ මහත්මයන් සහභාගී විය.

පානදුර රාජකීය විද්‍යාලයේ බාලදක්ෂ ආචාර්යතුෂාර ජයනෙත්ති මහතා එස්.එ්.ඞී.ලසන්ත සුමිත් විජේසිංහ මහතා විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා, සිඟිති බාලිකා පෝතක බාලදක්ෂ, බාලදක්ෂ බාලිකාවන් සහ බාලදක්ෂ ආචාර්යවරුන් ආචාර්යවරියන්ද ආදී රාජකීය බාලදක්ෂයන්ද මෙම අවස්ථාව සඳහා එක් වූහ.

පුවත – සුමිත් විජේසිංහ | ඡායා – කැලුම් පෙරේරා / යසිරු පෙරේරා