රත්නපුර බලංගොඩ ඇග්නස් බාලදක්ෂ බාලිකා සමුහයේ පිළිකාවට එරෙහි බාලදක්ෂයෝ වැඩසටහන

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ සමුහයක් විසින් පළමු වරට ඉටුකරන ලද වරලස දන්දීමේ මෙම ව්‍යාපෘතිය සඳහා විද්‍යාලයීය බාලදක්ෂ බාලිකාවෝ රැසක් සහභාගී වූහ. රමනී ෆර්නෑන්ඩෝ සැලෝන්ස් විසින් ක්‍රියාත්මක කරන ලද ඉන්දිරා පිළිකා භාරය යටතේ, හිසකෙස් දන්දීමේ මහා පුණ්‍ය කටයුත්තක් බලංගොඩ ශාන්ත ඇග්නස් බාලිකා විද්‍යාලයේදී 2019.01.20 දින දෙවන වරටත් ඉතා සාර්ථකව පවත්වනු ලැබිණ. රත්නපුර බාලදක්ෂ දිසාවේ බලංගොඩ ඇග්නස් විද්‍යාලයේ 8‍9 වෙනි සංවත්සරය නිමිති කොට “පිළිකාවට එරෙහි බාලදක්ෂයෝ” ව්‍යාපෘතියේ යටතේ වරලස දන්දීම, ලේ දන්දීම, ශරීර අවයව දන්දීමේ වැඩසටහන ආදී අංග කීපයක් යටතේ ක්‍රියාත්මක වූ මෙම පුණ්‍ය මෙහෙයුම සඳහා බොහෝ දෙනාගේ දායකත්වය නොමසුරුව දැක්වීම අගය කළයුත්තකි. පිලිකා රෝගයන් පෙලෙන රෝගීන් වෙනුවෙන් බොරු කොන්ඩා සැකසීම සඳහා අවශ්‍ය හිස කෙස් පරිත්‍යාග කිරීමට බාලදක්ෂෙ බාලිකාවන් තුළ වූ උනන්දුව පැසසිය යුතු ම වේ. මීට සමගාමී ව අැස් දන්දීමේ පොරොන්දු පත්‍රිකා පිරවීමක් සහ ලේ දන්දීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරිණි.

R/ St. Agnes Balika Maha Vidyalaya Scout Group Project

This was the first time a scout group from Sri Lanka Scout Association was selected for the banners. Under the Indira Cancer Trust conducted by Ramani Fernando Salons, a hairdressing parlor was held for the second time on 20th January 2019 at Balangoda St Agnes Girls’ School.

A number of activities were organized under the program “Scout against the cancer” on the 89th anniversary of the Balangoda Agnas College in the Boy Scale of the Boy Scout College in Balangoda, Blood Donation and Body Therapy Program. St/Agnes Balika Maha Vidyalaya is a school situated in Balangoda, Sabaragamuwa Province, Sri Lanka. The school provides primary and secondary education to girls aged 6 to 19 and has a student population of around 1,400.

It is worth appreciating the great contribution of many people for this charity mission. The enthusiasm of the Scout Girl has to be commended in order to make the hair necessary to prepare cancer patients for cancer patients. Simultaneously, a breath-filling-out campaign was held and a blood donation program was launched.

Hair Donation To Cancer Patients With Ramani Fernando Salons is now accepting hair donations to make wigs for cancer patients! Ramani Fernando Salons is the biggest salon chain in Sri Lanka.

අපි පිළිකාවට එරෙහිව සටන් වදිමු! අපේ දරැවන් පිළිකා මාරයා‍ගෙන් බේරා ගනිමු!!! පිලිකාව ගැන අපි සැම විටම දරැවන් දැනුවත් කරමු!!!

ඡායා රූප/පුවත – රත්නපුර දිස්ත්‍රික් වාර්තාකරු