බාලදක්ෂයන්ගේ ජල රොකට්ටුව

දියගම මහින්ද රාජපක්ෂ විදුහලේ බාලදක්ෂයන් තිදෙනෙක් ජල රොකට්ටුවක් නිර්මාණය කළහ.

දියගම මහින්ද රාජපක්ෂ විදුහලේ බාලදක්ෂ නිමල්, දෙනුක ඇතුළු මිතුරන් කීපදෙනෙකු විසින් පසුගිය දා ගුවන්ගත කළ ජල රොකට්ටුව නිර්මාණය කරන ආකාරය පහතින් දැක්වේ. ඔබේ කඳවුරේත් මෙවැනි ක්‍රියාකාරකම් අත්හදා බැලුවොත් Scouting සඟරාවේ අපට scoutingmagazine@gmail.com වෙත ඊමේල් මගින් යොමුකරන්න පුළුවන්.

අවශ්‍යය ද්‍රව්‍යය

  • ඉවත දැමූ මෙගා බෝතල් දෙකක්
  • ගම් ටේප් එකක්
  • බයිසිකල් පොම්පයක්
  • වතුර බට කීපයක්

ජල රොකට්ටුවක් හදන එක හරිම ලේසියි. මෙගා බෝතලයක් දෙකට කපා එම කොටස් දෙක ඉතිරි වූ මෙගා බෝතලයේ දෙපස අලවන්න. ඇලවීමට සුදුසු ගම් වර්ගයක් හෝ ගම් ටේප් ඒ සඳහා භාවිත කළ හැකි යි.
“H” බට ආකෘතිය හදා ගන්න. ඉංග්‍රීසි H අකුරේ හැඩයට රෑපයෙන් දැක්වෙන පරිදි වතුර බට සන්ධි කළ යුතුය. එහි කොනක හුළං පිරවීමට බයිසිකල්වෑල් කරක් සවි කළ යුතු ය. එය ඉවත දැමූ බයිසිකල් ටියුබයකින් කපා වතුර බටය තුළ සවි කළ යුතු ය. H ආකෘතිය මැද සිරස් අතට සවි කළ වතුර බටයේ උස අඩි එකහමාරක් විය යුතු ය.

රොකට්ටුව වතුර බටය මත රඳවන්න. සකස් කරගත් රොකට්ටුවේ උසින් තු‍ෙනන් එකක් ජලය පුරවා H අකුර හැඩැති වතුර බට ආකෘතියේ සිරස් අතට සවි කළ වතුර බටය මත රුඳවිය යුතු ය. හුළං ගැසීම ආරම්භ කරන්න. ඉන් පසු.. පොම්පය වෑල් කරට සවි කර හුළං ගැසීම ආරම්භ කළ යුතු ය. එක් බාලදක්ෂයෙක් රොකට්ටුව තදින් අල්ලාගෙන සිටිය යුතුය. රොකට්ටුව ගුවන්ගත වන තෙක් ඍජුව අල්ලාගෙන සිටිය යුතුය.

මෙරට නවීන තාක්ෂ­ණය ප්‍රච­ලිත කිරීමේ පුරෝ­ගාමි ආය­ත­න­යක් වන ආතර් සී ක්ලාක් ආය­ත­න­යෙන් වාර්ෂි­කව ජල රොකට් සෑදීමේ තර­ගා­ව­ලි­යක් පව­ත්වන බව ඔබ නොදන්නවා විය හැකිය. බාලදක්ෂ කඳවුරු තුළදී මෙවැනි අත්හදා බැලීම් සඳහා බාලදක්ෂ දරු­වන් යෙදිය හැකිය. එය අත්හදා බලන ආකාරයත් නැරඹීමට, ඔබ කැමති නම්. විජය බාලදක්ෂ කඳවුර යූ ටියුබ් නාලිකාවට පිවිසිය හැකි ය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සැ. යු – බාලදක්ෂ ඔබේ නිර්මාණය පිළිබඳ තොරතුරු scoutingmagazine@gmail.com වෙත ඊමේල් පණිවිඩයකින් යොමු කළ යුතු ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *